Thursday 9 December 2010

මං ගැන.....


ඔන්න මම  ඔෆිස් එකේ computer එක ඉස්සරහ හරි බරි ගැහිල වාඩි උනා හා හා පුරා කියල මගේ පළවෙනි post එක ලියන්න.

හරි හමන් යමක් ලියන්න ඉස්සර වෙලා මං කවුද කින්ද මන්ද කියල ලිව්වොත් හොඳයි කියලා හිතුනා.මොකද මම ලියන දෙවල් කියවනකොට මම මොන වගේ වටපිටාවක ඉඳගෙනද මගේ අදහස් ලියන්නෙ කියන්නෙ කියල කියවන අය දැනගන්න එක හොඳයිනෙ.......

මම නුවර පළාතෙ කෙනෙක්. ඒකෙත් හැටි කියන්නෙ මට නුවරින් පිට ජීවිතයක් තිබුනෙම නෑ වගේ...ඉපදුනේ නුවර....පාසල් ගියෙ නුවර.....දෛවයේ හැටි කියන්නෙ අන්තිමට තේරුනෙත් පේරාදෙණිය විශ්ව විද්යාලයට……

විශ්ව විද්යාලයෙදිම තමයි මගෙ ජීවන සහකරුව මුණගැහුනෙත්.වැඩේ කියන්නෙ එයත් නුවර.කොහොමින් කොහොමින් හරි campus එකේ කෘෂිකර්ම පීඨයේ අවුරුදු 4 ගත කරල(2008 අවුරුද්දෙ තමා අර උපාධිය කියන එක ගත්තේ) අපි දෙන්න එක වහලක් යටට උනා(2010 දී).දැන් පදිංචියත් නුවර. ඔන්න ඔවා තමා මගෙ විස්තර.දැන් ඉතින් මේ පැත්තෙ ගොඩ වැදෙන සමහර   ඈයො මාව අදුරගන්නත් ඇති මේ අහවලා නේද කියල.

එහෙනම් මං ගැන ලියපු post එකත් ඉවරයි.ඊළඟ දවසෙ අර ඉස්සරවෙලා කිව්ව වගෙ හරි හමන් දෙයක් ලියන්නම්.

Friday 26 November 2010

හම්මේ තියන සතුටක්!!

ඔන්න මගේ පුංචි බ්ලොග් කාමරෙත් බ්ලොග් රාජධානියට හෙවත් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන........හිතේ තියන සතුට නම් කියල නිම කරන්න බෑ....එත් මේ වැඩ රාජකාරි අස්සෙ හරියට ඒ සතුට සමරන්න බෑනේ........එත් පණිවිඩය දැක්ක ගමන් බ්ලොග් එකට ආවෙ පුංචියට හරි යමක් ලියල තියල යන්න.

'මට දැන් දැනෙනවා මා ජීවත් වන බවක්
මගේ වචන වලට  

ජිවත් වෙන්නටත්......අතුපතර  විහිදා වැඩෙන්නටත්....... පරිණත වෙන්නටත්.....

හුලගේ පාවී ගිය මගේ සිතුවිලි වලට
ඉසිඹුලන්නටත්....... නවාතැන් පොලක් හමුවී ඇති බවක්'

Wednesday 24 November 2010

ආයුබෝවන්!

ඔන්න මමත්  සයිබර් අවකාශයේ කාමර කෑල්ලක් වෙන් කරගත්තා.දන්න විදිහට පොඩි කැටයම්  වැඩ ටිකක් එහෙම දාල ඒක සැරසුවා(ලස්සනද දන්නෙ නෑ........බලාගෙන ඉන්න පුලුවන් නම් ඇති.)
මම මේ කාමර කෑල්ල වෙන් කර ගත්තෙ කාලයත් එක්ක හරි හරියට ඔට්ටු වෙන ජීවිතේට පොඩි විවේකයක් ලබා දෙන්න....
මේ බ්ලොග් අඩවියේ මොනවද මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ කියල කියන්න හොඳ විදිහක් කල්පනා කරන කොට මට හිතුනා වැල් වටාරන් නැතුව පොඩි කවි කෑල්ලක් ලියන්න. ඒකත් හොඳ ආරම්හයක්නෙ.....

තත්පරෙන් තත්පරය
විනාඩියෙන් විනාඩිය
දවසින් දවස
ජීවත් වෙමි මේ මහ පොළොව මත
කොහෙන්දෝ මට උරුම කර දුන්
මම තාමත් අපැහැදිලි
'වගකීම්' ඉටු කිරීමට.....
ඉදින් මට සිදුව ඇත උරෙනුර ගැටීමට
තවත් දහසකුත් මා වෙනි උන් සමඟ
විටෙක මම උන් පසසමි
විටෙක මම උන් හා ගැටෙමි
විටෙක මම ගොලුවෙමි.
උන් හරිද මම හරිද????? 
 එලෙස ගෙවනා 'ජීවිතය' මම මෙතැන අමුණමි......

මම හිතන විදිහට බ්ලොග් කෙරුවාවෙ වටිනාම දේ තමයි comments ලබාගන්න එක.මගේ post වලට comments (හොඳ හෝ නරක ) වැටෙනවා කියන්නෙ නිධානයක් ලබනව වගේ.... හින්දා පොඩියට හරි කමක් නෑ comment එකක් දාල යන්න....