Thursday 9 December 2010

මං ගැන.....


ඔන්න මම  ඔෆිස් එකේ computer එක ඉස්සරහ හරි බරි ගැහිල වාඩි උනා හා හා පුරා කියල මගේ පළවෙනි post එක ලියන්න.

හරි හමන් යමක් ලියන්න ඉස්සර වෙලා මං කවුද කින්ද මන්ද කියල ලිව්වොත් හොඳයි කියලා හිතුනා.මොකද මම ලියන දෙවල් කියවනකොට මම මොන වගේ වටපිටාවක ඉඳගෙනද මගේ අදහස් ලියන්නෙ කියන්නෙ කියල කියවන අය දැනගන්න එක හොඳයිනෙ.......

මම නුවර පළාතෙ කෙනෙක්. ඒකෙත් හැටි කියන්නෙ මට නුවරින් පිට ජීවිතයක් තිබුනෙම නෑ වගේ...ඉපදුනේ නුවර....පාසල් ගියෙ නුවර.....දෛවයේ හැටි කියන්නෙ අන්තිමට තේරුනෙත් පේරාදෙණිය විශ්ව විද්යාලයට……

විශ්ව විද්යාලයෙදිම තමයි මගෙ ජීවන සහකරුව මුණගැහුනෙත්.වැඩේ කියන්නෙ එයත් නුවර.කොහොමින් කොහොමින් හරි campus එකේ කෘෂිකර්ම පීඨයේ අවුරුදු 4 ගත කරල(2008 අවුරුද්දෙ තමා අර උපාධිය කියන එක ගත්තේ) අපි දෙන්න එක වහලක් යටට උනා(2010 දී).දැන් පදිංචියත් නුවර. ඔන්න ඔවා තමා මගෙ විස්තර.දැන් ඉතින් මේ පැත්තෙ ගොඩ වැදෙන සමහර   ඈයො මාව අදුරගන්නත් ඇති මේ අහවලා නේද කියල.

එහෙනම් මං ගැන ලියපු post එකත් ඉවරයි.ඊළඟ දවසෙ අර ඉස්සරවෙලා කිව්ව වගෙ හරි හමන් දෙයක් ලියන්නම්.

6 comments:

  1. දිගටම ලියන්න ..ගුඩ් ලක්...... :)

    ReplyDelete
  2. මාත් සුභ පතනවා අක්කා...දිගටම ලියන්න..

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා...

    ReplyDelete
  4. අපිත් එන්නම්කො ඇවිල්ල යන්න.

    ReplyDelete
  5. ආ.. නුවර යාලුවෙක් අහ්.... නියමයි නියමයි.... දිගටම ලස්සනට ලියන්න..

    සුබපැතුම්..

    (පුලුවන් නම් word verification අයින් කරන්න)

    ReplyDelete
  6. Thanx for all comments.......Word verification අයින් කරන්නෙ කොහොමද?

    ReplyDelete